ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන 2026 ක්රීඩා සමාජ කාන්තා පන්දුවාර 50 තරගාවලියේ සිව්වෙනි දිනයේ තරග අද (අගෝස්තු 16) පැවැත්වුණා.තරගාවලියට අදාළ තරග දෙකක් අද දිනයේදී පැවති අතර එහිදී නාවික හමුදා ක්රීඩා සමාජය පරාජය කරමින් කොළඹ ක්රිකට් සමාජයත්,ACE Capitals ක්රිකට් සමාජය පරාජය කරමින් බදුරලිය ක්රිකට් සමාජයත් තරග ජයග්රහණය කරා.
මෙම තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර කෙසේවෙතත් තරග ප්රතිඵල සහිත තරග ලෙස අවසන් කරගැනීමට හැකිවුණා.
අද පැවති තරග වල සාරාංශය,
කොළඹ ක්රිකට් සමාජය සහ ශ්රී ලංකා නාවික හමුදා ක්රීඩා සමාජය අතර තරගය
කොළඹ ක්රිකට් සමාජය – 221/7 (48.0)
- විශ්මි ගුණරත්න 132 (142),සුභද්රා සවනි 29 (54)
- ඉනෝකා රණවීර 34/3,හෂිනි ලියනගේ 46/2
Revised Target 221
ශ්රී ලංකා නාවික හමුදා ක්රීඩා සමාජය – 212/7 (41.0)
- හර්ෂිතා සමරවික්රම 87 (91),හසිනි පෙරේරා 57 (79)
- මදුරි සමුද්දිකා 44/2,ලිමංසා තිලකරත්න 33/1
කොළඹ ක්රිකට් සමාජයට ලකුණු 8ක ජයක් (DLS)
බදුරලිය ක්රිකට් සමාජය – 212/5 (41.0)
- කවීෂා දිල්හාරි 102 (85)*,සංජනා කාවින්දි 50 (98)
- යෙසලි ජිතාරා 45/2,තරුෂි උත්පලා 50/1
Revised Target 236
ACE Capitals ක්රිකට් සමාජය – 33/9 (13.5)
- යෙසලි ජිතාරා 11 (18) – Retired Hurt,තරුෂි උත්පලා 5 (22)
- ශෙහාරා ඉදුවරී 10/7,කාව්යා කාවින්දි 14/2
බදුරලිය ක්රිකට් සමාජයට ලකුණු 202ක ජයක්.
තරගාවලියේ පස්වෙනි දිනය හෙට (අගෝස්තු 17) දිනයේ හලාවත මේරියන්ස් ක්රිකට් සමාජය සහ සිංහල ක්රීඩා සමාජයත්,කෝල්ට්ස් ක්රිකට් සමාජය සහ ශ්රී ලංකා යුධ හමුදා ක්රීඩා සමාජය තරග වැදීමට නියමිතයි.


