2027 වසරේ පෙබරවාරි 14වෙනිදා සිට 18වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත මංගල ICC කාන්තා ශූරියන්ගේ කුසලාන ක්රිකට් තරගාවලිය පැවැත්වීමේ සත්කාරකත්වය ශ්රී ලංකාවට අහිමි වීමේ දැඩි අවදානමක් මතුව තිබෙනවාම්ශ්රී ලංකා ක්රිකට් ආයතනය තවදුරටත් අන්තර්වාර පාලක කමිටුවක් යටතේ පැවතීම මීට ප්රධාන හේතුවයි.
‘The Sunday Times’ පුවත්පත වාර්තා කරන පරිදි, කණ්ඩායම් 6කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය දේශපාලන අතපෙවීම් මගින් පත්කරන ලද පාලක මණ්ඩලයක් මගින් පාලනය කරන රටකට සත්කාරකත්වය ලබාදීම ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) විසින් සිරිත් පරිදි ප්රතික්ෂේප කරනු ලබනවා.එම නිසා, මේ නිසා නිලවරණයකින් තේරී පත් වූ පාලක මණ්ඩලයක් පත් නොකළහොත් මෙම තරගාවලිය වෙනත් රටකට ගෙනයාමේ තත්වයක් මතුව තිබෙනවා.
කෙසේ වෙතත්, තරගාවලියේ සත්කාරකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් ICC යෙන් මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බව ශ්රී ලංකා ක්රිකට් ප්රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පවසයි. “දැනට පවතින තත්ත්වය අනුව තරගාවලියේ සත්කාරකයින් වන්නේ අපි. නමුත් ඉදිරියේදී වෙනසක් සිදුවීමේ හැකියාව සම්පූර්ණයෙන්ම බැහැර කරන්න බැහැ,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ව්යවස්ථාපිත සංශෝධන සිදුකිරීම සඳහා දැනට පත්කර ඇති අන්තර්වාර කමිටුව විසින් සකස් කරන ලද කෙටුම්පතක් ක්රීඩා අමාත්යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිමය ක්රියාපටිපාටීන් රැසක් ඔස්සේ පරීක්ෂාවට ලක්විය යුතුව තිබෙනවා.ඒ සඳහා සැලකිය යුතු කාලයක් ද ගත වෙනවා.
පසුගිය 2024 වසරේදී එවකට සිටි ක්රීඩා අමාත්යවරයා විසින් පාලක මණ්ඩලය විසුරුවා හැරීම හේතුවෙන් ශ්රී ලංකාවට ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය අහිමි වූ අතර, එමගින් විශාල මූල්ය අලාභයක්ද සිදුවුණා.
තරගාවලියට තවත් ඇත්තේ මාස කිහිපයක් පමණක් වන බැවින්, පාලන අධිකාරියේ පවතින මෙම අර්බුදය හමුවේ 2027 කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය නැවත වරක් ICC හි දැඩි විමර්ශනයට ලක්වනු ඇත.


