Homeක්‍රිකට්Nationalඑංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ!

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ!

2027 වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරග සංචාරයට විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වෙනවා.

එංගලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් 2027 පෙබරවාරි මාසයේදී විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, අනතුරුව ඉන්දියාවේදී පැවැත්වෙන ICC කාන්තා ශූරියන්ගේ කුසලාන (ICC Women’s Champions Trophy 2027) තරගාවලියෙන් පසු එක්දින තරගාවලිය සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

තරග කාලසටහන

විස්සයි විස්ස තරගාවලිය (මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී – PICS)

  • පළමු T20I තරගය: 2027 පෙබරවාරි 01
  • දෙවන T20I තරගය: 2027 පෙබරවාරි 03
  • තෙවන T20I තරගය: 2027 පෙබරවාරි 05

එක්දින තරගාවලිය (රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී – RDICS)

  • පළමු එක්දින තරගය: 2027 මාර්තු 04
  • දෙවන එක්දින තරගය: 2027 මාර්තු 06
  • තෙවන එක්දින තරගය: 2027 මාර්තු 08

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments