14වෙනි වරටත් පැවැත්වෙන 2026 ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයට අද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරා.ඒ පසුගියවර ශූරියන් වූ සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව.
මෙම තරගය ජයගන්නා කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වූ අතර ඒ අනුව ගෝල 82 -54ක් ලෙස පහසුවෙන් තරගය ජයගත් සිංගප්පූරුව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව 2022 වසරේදී ශූරියන් වූ,2024 වසරේදී අනුශූරියන් වූ ආසියානු නෙට්බෝල් ඉතිහාසයේ වැඩිම වරක් ශූරයින් ලෙස අභිසෙස් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් මහා තරගයටවත් පිවිසීමට නොහැකි වුණා.
ඒ අනුව 2027 නෙට්බෝල් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාවත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණා.
අද තරගයේ ආරම්භයේ සිටම පසුගාමී ක්‍රීඩා විලාසයක් දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු අතර කිසිදු කාර්තුවක පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වුණා.
තරගයේ කාර්තු හතරෙහි ලකුණු සටහන්,
පළමු කාර්තුව : සිංගප්පූරුව 20 – ශ්‍රී ලංකාව 12
දෙවෙනි කාර්තුව : සිංගප්පූරුව 19 – ශ්‍රී ලංකාව 13
සිව්වෙනි කාර්තුව : සිංගප්පූරුව 24 – ශ්‍රී ලංකාව 15
සිව්වෙනි කාර්තුව : සිංගප්පූරුව 19 – ශ්‍රී ලංකාව 14
අවසන් ලකුණු සටහන : සිංගප්පූරුව 82 – ශ්‍රී ලංකාව 54
අතීතයේ කරට කර සටන් කළ,ඇතැම් විට පහසුවෙන් පරාජය කළ සිංගප්පූරුව වැනි කණ්ඩායම් මේ වන විට ශ්‍රී ලංකාව සතුව තිබූ ආසියානු නෙට්බෝල් ආධිපත්‍යයට අභියෝග කරන මට්ටමට පැමිණ අවසන්.නැවත හරිහැටි සංවිධානය නොවුණොත් තත්වය මීට වඩා දරුණු වනු නොඅනුමානයි.


