2026 ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ දෙවෙනි අදියර සඳහා සහභාගී වන ශ්රී ලංකා පිරිමි රගර් සංචිතය නම් කර තිබෙනවා.මෙම තරගාවලිය එළඹෙන ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල කොළඹ රේස්කෝස් ක්රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.තරග දිනපතා පෙ.ව. 8.00 සිට ආරම්භ වේ.
ජනිදු දිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්රීඩකයින් 13 දෙනෙක් ඇතුළත් කර තිබෙන අතර ආසියානු ක්රීඩා උළෙල නියෝජනය කළ සංචිතයට සාපේක්ෂව මෙහි වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා. ආබාධයකට ලක්වීම හේතුවෙන් චතුර සොයිසා, දිලාන් ඒකනායක සහ ගැමුණු චේතිය යන ක්රීඩකයින්ට මේ සංචිතයේ ඉඩ අහිමි වී තිබෙනවා.
කෙසේ වෙතත්, එම පුරප්පාඩු සඳහා ඉසුරු කොංගහවත්ත, නිලේෂ රාඝවන් සහ මලික්ෂ පෙරේරා යන ක්රීඩකයින් සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්රී ලංකා සංචිතය:
- දිලුක්ෂ දංගේ
- ආකාශ් මධුෂංක
- ඉසුරු කොංගහවත්ත
- ගයාන් පෙරේරා
- ශ්රීනාත් සූරියබණ්ඩාර
- නිලේෂ රාඝවන්
- ජයතු රාජරත්න
- ජනිදු දිල්ෂාන් (නායක)
- ෂාහිඩ් සුම්රි
- කවිඳු පෙරේරා
- පසිඳු බණ්ඩාර
- දෙවින්ද රත්නායක
- මලික්ෂ පෙරේරා
මෙම තරගාවලියේදී ශ්රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර, එම කාණ්ඩයට හොංකොං චීනය, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ ඉන්දියාව ඇතුළත්.
සෙසු කාණ්ඩ විස්තර:
- බී කාණ්ඩය : ජපානය, තායිලන්තය, මැලේසියාව, උස්බකිස්තානය
- සී කාණ්ඩය : චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව, කසකස්තානය
තරගාවලියේ පළමු දිනය වන ඔක්තෝබර් 17 වෙනි සෙනසුරාදා දින ශ්රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග තුනකට මුහුණ දීමට නියමිතයි.
- ශ්රී ලංකාවට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්යය – පෙ.ව. 8.00 ට
- හොංකොං චීනයට එරෙහිව ශ්රී ලංකාව – ප.ව. 12.24 ට
- ශ්රී ලංකාවට එරෙහිව ඉන්දියාව – ප.ව. 4.48 ට


