HomeSinhalaශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා ක්‍රිකට් රන් සටනට!

ශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා ක්‍රිකට් රන් සටනට!

Aichi-Nagoyaහීදී පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණා, ඒ පාකිස්ථායට එරෙහිව.

ක්‍රීඩාංගණයට පැමිණීමට සපයා තිබූ ප්‍රවාහන පහසුකම් වල ගැටලුවක් හේතුවෙන් කණ්ඩායම් දෙකටම නියමිත වේලාවට තරගයට පැමිණීමට ලැබුණේ නෑ,ඒ හේතුවෙන් තරගය පැය එකහමාරකට අධික කාලයක් ප්‍රමාද වී ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මුලින්ම පන්දුවට පහර දීමට පාකිස්ථානයට ආරාධනා කරා.

පාකිස්ථාන ඉනිමේ දෙවෙනි පන්දුවේදීම ආරම්භක පිතිකාරිණි Gull Feroza දවා ගැනීමට සුගන්ධිකා කුමාරි සමත් වුණා.

පාකිස්ථාන ඉනිම ලකුණු 35ක් වන විට දෙවෙනි කඩුල්ල ලෙස Saira Jabeen දවාගනිමින් වේලාසනින්ම පීඩනය පාකිස්ථානය දෙසට එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුණා.

කෙසේවෙතත් තුන්වෙනි කඩුල්ලට Shawaal Zulfiqar සහ Ayesha Zafar අතර ලකුණු 115ක සබදතාවයක් ගොඩනැගුණු අතර පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ Ayesha Zafar පන්දු 40කින් ලකුණු 71 රැස් කරා.Shawaal Zulfiqar ලකුණු 54යි.

අවසන් පන්දුවාර වල වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Fatima Sana පන්දු 12කදී නොදැවී ලකුණු 20ක් රැස් කරා.

පන්දු යැවීමේදී සුගන්ධිකා කුමාරි,චමරි අතපත්තු සහ කාව්‍යා කාවින්දි එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 177ක් රැස් කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ලකුණු 178ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදීමට ඉමේෂා දුලානි සමත් වූ අතර ඇය ලකුණු 27ක් රැස් කරා.

දෙවෙනි කඩුල්ලට පිටියේ එක්වූ චමරි අතපත්තු සහ හසිනි පෙරේරා අතර ලකුණු 95ක සබදතාවයක් ගොඩණැගුණා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හසිනි පෙරේරා පන්දු 26කින් ලකුණු 42ක් රැස් කරා.ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ නායිකා චමරි අතපත්තු පන්දු 50කින් නොදැවී ලකුණු 83ක් රැස් කරා.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 17යි.

පන්දු යැවීමේදී Fatima Sana සහ Nashra Sandhu එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව ලකුණු 178ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.5කදී එම ඉලක්කය සම්පූර්ණ කරමින් තරගය කඩුලු 8කින් ජයගත්තා.

තරගයේ ලකුණු සටහන

පාකිස්ථාන කණ්ඩායම : 177/4 (20.0)

  • Ayesha Zafar 71 (40),Shawaal Zulfiqar 54 (50)
  • කාව්‍යා කාවින්දි 13/1,චමරි අතපත්තු 30/1,සුගන්ධිකා කුමාරි 31/1

ශ්‍රී ලංකා කණ්ඩායම : 178/2 (17.5)

  • චමරි අතපත්තු 83 (50)*,හසිනි පෙරේරා 42 (26)
  • Fatima Sana 24/1,Nashra Sandhu 38/1

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments