ශ්රී ලංකාවේ පිරිමි හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව, ඔහු ලකුණු 1,354ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ජර්මනියේ Julian WEBER හට හිමි වී ඇති අතර ඔහු ලකුණු 1,348ක් ලබා ගෙන සිටිනවා.තෙවන ස්ථානය ග්රෙනඩාවේ Anderson PETERS දිනාගෙන ඇත්තේ ලකුණු 1,333ක් ලබා ගනිමින්.
2026 පොදුරාජ්ය මණ්ඩල ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව දිනාගත් එකම රන් පදක්කම දිනාගැනීමට පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී රුමේෂ් තරංග පසුගියදා සමත් වුණා.


