HomeSinhalaහත්වෙනි වරටත් විස්සයි විස්ස ශූරියන් වූ ඔස්ට්‍රේලියාව | ICC Women’s T20 World Cup...

හත්වෙනි වරටත් විස්සයි විස්ස ශූරියන් වූ ඔස්ට්‍රේලියාව | ICC Women’s T20 World Cup – England vs Australia

කණ්ඩායම් 12ක් කාණ්ඩය දෙකක් යටතේ දින 24ක් පුරාවට තරග 33ක් ක්‍රීඩා කළ 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ඊයේ අවසන් වුණේ හත්වෙනි වතාවටත් ඔස්ට්‍රේලියානුවන් ලෝක ශූරියන් බවට පත් කරමින්.

ඊයේ තරගයේ කාසිය වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානුන් නායිකාව මුලින්ම පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරා.

ඒ අනුව එංගලන්ත ඉනිම ආරම්භ කරේ Amy Jones සමගින් Danni Wyatt-Hodge.පන්දුවාර 5ක් තුළ ලකුණු 32කට ඔවුන් දෙදෙනාගේම කඩුලු දවාගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියන් සමත්වුණා.

ඉන්පසු තවත් කඩුලු 2ක් බිදවැටී ලකුණු 70කට කඩුලු 4ක් අහිමිවී තිබූ එංගලන්ත ඉනිම ඊයෙත් ගොඩනැගීමේ වගකීම භාර වුණෙ එංගලන්ත නායිකා Nat Sciver-Brunt හට.

ඇය සහ Freya Kemp එක්ව පස්වෙනි කඩුල්ලට ලකුණු 80ක සබදතාවයක් ගොඩ නගමින් එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 150 සීමාවට ගෙන ඒමට සමත්වුණා.

Nat Sciver-Brunt පන්දු 53කින් ලකුණු 58ක් සහ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Freya Kemp පන්දු 28කින් ලකුණු 44ක් රැස් කරා.

Kim Garth,Lucy Hamilton,Sophie Molineux සහ Annabel Sutherland එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවෙනි පන්දුවාරය තුළ දවාගැනීමට Lauren Bell සමත් වුණා.

කෙසේවෙතත් දෙවෙනි කඩුල්ලට Phoebe Litchfield සහ Beth Mooney අතර ලකුණු 100ක සබදතාවයක් ගොඩ නැගුණා.ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු එම සබදතාවයත්,ඔවුන් දෙදෙනා ක්‍රීඩා කළ ඉනිම් ද්විත්වයත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙව් ජයග්‍රහණය ඉක්මන් වුණා.

Phoebe Litchfield ලකුණු 48ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ Beth Mooney ලකුණු 64ක් රැස් කරේ පනු 49කදී හතරේ පහර 10ක් සමගින්.

Beth Mooney විසින් ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග වලදී පිට පිට රැස් කළ තුන්වෙනි අර්ධ ශතකය මෙයයි.

පන්දුවාර 17.1කදී කඩුලු 3ක් පමණක් අහිමි කරගෙන ලකුණු 153ක් රැස් කරගනිමින් පහසුවෙන්ම තරගය කඩුලු 7කින් ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම හත්වෙනි වරටත් විස්සයි විස්ස ශූරියන් ලෙස දසවෙනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේදී අභිසෙස් ලැබුවා.

සිව්වෙනි වරටත් විස්සයි විස්ස අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට එංගලන්තයට සිදු වූ අතර ඔවුන් සත්කාරකත්වය දැරූ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක ශූරතාවය දිනාගැනීමට නොහැකි වූ පළමු අවස්ථාව මෙයයි.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයක කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එකතු වුණා.

ඊයේ තරගය නැරඹීමට 28,887ක ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර එංගලන්තය තුළ කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එකතු වුණා.

තරගයේ වීරවරිය සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස Beth Mooney සම්මාන දිනා ගත්තා.

තරගයේ ලකුණු සටහන

එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 150යි.

  • Nat Sciver-Brunt 58(53)*,Freya Kemp 44(28)
  • Kim Garth 20/1,Lucy Hamilton 19/1

ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 17.1කදී කඩුලු 3කට ලකුණු 153යි.

  • Beth Mooney 64(49),Phoebe Litchfield 48(35)
  • Charlie Dean 28/1,Sophie Ecclestone 24/1

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments