Homeක්‍රිකට්History of Cricketඑක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොදම හඹායෑම "438" කතාව!

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොදම හඹායෑම “438” කතාව!

හිතන්න,එක්දින තරගයක් ජයග්‍රහණය කරන්න ලකුණු 435ක් වගේ දැවැන්ත ඉලක්කයක් කණ්ඩායමකට ලැබිලා තියනවා. ක්‍රිකට් ඉතිහාසයේ කිසිම දවසක එක්දින තරගයකදී ලකුණු 400 සීමාවවත් පසුකරලා තිබුණේ නැති යුගයක, ප්‍රතිවාදීන් ලෝක වාර්තාවක් තියලා ඉවර වෙනකොට, ඒ වගේ හඹායෑමක් දැවැන්ත ලකුණු හඹායෑමක් කරන්න වෙලා තියෙද්දි ඩ්‍රෙසින් රූම් එකේ තත්වය ගැන කියන්න දෙයක් නෑනේ.

දිනය 2006 මාර්තු 12 වෙනිදා.Johannesburgහි Wanderes ක්‍රීඩාංගණය.තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණු පස්වෙනි සහ තීරණාත්මක අවසන් එක්දින තරගය.

පළමුවෙන් පන්දුවට පහරදුන්න රිකී පොන්ටින්ගේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට කිසිම අනුකම්පාවක් නැතුව පහර දුන්නා. රිකී පොන්ටින් ලකුණු 164ක් රැස් කළේ පන්දු 105කින්. නියමිත පන්දුවාර 50 අවසානයේ ඔස්ට්‍රේලියාව කඩුලු 4කට ලකුණු 434ක් රැස් කරලා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව පිහිටවන්න සමත්වුණා.

ඒ වෙලාවේ හැමෝම හිතුවේ තරගය එතැනින්ම ඉවරයි කියලා. විචාරකයනුත් කිව්වේ මේ ලකුණු සංඛ්‍යාව හඹා යෑම කරන්න බැරි දෙයක් කියලා.

ලකුණු 435ක දැවැන්ත ඉලක්කයක් හඹා යන්න ලෑස්ති වෙන අතරේ, දකුණු අප්‍රිකාවේ ඩ්‍රෙසින් රූම් එක ඇතුළේ තිබුණේ පුදුමාකාර නිහඬතාවයක් සහ පීඩනයක්,ඒ වගේ වාර්තා තියපු ප්‍රහාරයකට පස්සේ එහෙම නොවුණොත් පුදුම වෙන්න ඕනි.

මෙන්න මේ වෙලාවේ තමයි Jacques Kallis හිනාවෙලා කණ්ඩායමේ අනිත් අයට මෙහෙම කියන්නේ

“Guys, I think the bowlers have done a good job. Australia are about 15 runs short. This is a 450 wicket. Let’s go out and get them. – කොල්ලනේ, මං හිතන්නේ අපේ බෝලර්ස්ලා හොඳ ජොබ් එකක් කළා. ඔස්ට්‍රේලියාව ලකුණු 15ක් විතර අඩුවෙන් ගැහුවේ. මේක ලකුණු 450ක විකට් එකක්. යමු ගිහින් ගේම ගහමු” කියලා.

මේ ගැන Mark Boucherගේ Through My Eyes ස්වයංචරිතාපදානයේ සටහන් වෙලා තියනවා.

කලිස් කියපු ඒ එක වචන වලින් මුළු Dressinv Room එකේම වාතාවරණය වෙනස් වුණා, බය නැතිවුණා.

දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කරපු බොඒටා ඩිපෙනාර් ලකුණු 1කට දැවී යනවා, ඊළඟට පිටියට ආවේ හර්ෂල් ගිබ්ස්. ගිබ්ස් එදා ක්‍රීඩා පිටියට ආවේ කිසිම පීඩනයක් නැතුව.

නියම “Fearless” මානසිකත්වයකින් ක්‍රීඩා කරපු ගිබ්ස්, පළමු පන්දුවේ ඉදලම ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට ප්‍රහාරය එල්ල කරන්න පටන් ගත්තා.Scoreboard එකේ පීඩනයක්වත්, ලෝක වාර්තාව ගැන බයක්වත් ඔහුට තිබුණේ නැහැ. ගිබ්ස් පන්දු 111කදී හතරේ පහර 21ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 175ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරා.

නායක ග්‍රේහැම් ස්මිත් සහ ගිබ්ස් එකතු වෙලා ගොඩනගපු ලකුණු 187ක වේගවත් සබඳතාවය නිසා, ඔස්ට්‍රේලියානුවන්ගේ ආත්ම විශ්වාසය සහ තරගය ගැන තිබුණ් බලාපොරොත්තු එකින් එක බිඳවැටෙන්න පටන් ගත්තා.

තරගය අවසන් පන්දුවාරය වෙනකන් ආවා, අවසාන පන්දුවාරයට තරගය දිනන්න දකුණු අප්‍රිකාවට ලකුණු 7ක් අවශ්‍ය වෙලා තිබුණා. හැබැයි අතේ ඉතිරි වෙලා තිබුණේ කඩුලු 2ක් විතරයි. පන්දු යැව්වේ බ්‍රෙට් ලී.

පළවෙනි පන්දුවට Mark Boucher එක ලකුණක් ගත්තා,දෙවෙනි පන්දුවට ඇන්ඩෲ හෝල් හතරේ පහරක් එල්ල කරලා පරතරය අඩු කරා.තුන්වෙනි පන්දුවේදී හෝල් ආපහු විශාල පහරකට උත්සහ කිරීම එක්ක Mid-onවල හිටපු රිකී පොන්ටින්ගේ අතට උඩ පන්දුවක් ලබාදීලා දැවී ගියා.දැන් ලකුණු 433යි කඩුලු 9යි.

4වෙනි පන්දුවට මුහුණ දුන්නේ දකුණු අප්‍රිකා ඉනිමේ අවසාන පිතිකරු Makhaya Ntini.බ්‍රෙට් ලීගේ Good Line & Length පන්දුවට Third man දෙසට තනි ලකුණක් ලබාගෙන වගකීම Boucherට දුන්නා.5වෙනි පන්දුව වෙද්දි දකුණු අප්‍රිකාවට ජයග්‍රහණයට ලකුණු 1යි අවශ්‍ය වුණේ.Mid-on හරහා හතරේ පහරක් එල්ල කරපු Boucher දකුණු අප්‍රිකාවට කවදාවත් අමතක නොවෙන ඓතිහාසික ජයග්‍රහණයක් ගෙනත් දුන්නා.

දකුණු අප්‍රිකාව පන්දුවාර 49.5කදී කඩුලු 9කට ලකුණු 438ක් රැස් කරලා ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම සහ Impossible කියපු ඒ Chase සාර්ථකව අවසන් කරා.

මේ ජයග්‍රහණය නිකන්ම නිකන් ක්‍රිකට් තරගයක ජයග්‍රහණයක් විතරක් නෙවෙයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම එදා පෙන්නුවා වාර්තා කියන්නේ බයවෙලා බලන් ඉන්න තියෙන දෙයක් නෙවේ,වාර්තා තියෙන්නේ කඩලා දාන්න කියලා.

Peak Male Ego ගොඩක් එකතු උනාම ඒවා සාමාන්‍යය දේවල්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments